FAST NEWS

24×7 Around the Globe

එකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ කොමීසමට පෙත්සමක්…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් අද (20) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටියහ.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙත්සමක් භාරදීම සඳහා ඔවුන් මෙලෙස පැමීණ සිටියහ.

එහෙත් කොමීසමේ සභාපතිවරයා අද (20) දින කාර්යාලයේ නොසිටිම හේතුවෙන් සිය පෙත්සම මැතිවරණ කොමිසමේ ලේකම්වරයාට භාරදුන් ඔවුහු මාධ්‍ය වෙත සඳහන් කළහ.

නැවත හෙට (21) දිනයේ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන බව ඔවුහු මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.