FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ පළාත් මැතිවරණයෙන් ඇන්ජලා මර්කපල්ට පසුබෑමක්…

ජර්මනියේ පැවැති පළාත් මැතිවරණයේදී ප්‍රබල පසුබෑමකට ලක්වන්නට චාන්සලර්ඇන්ජලා මර්කල්ගේ පක්ෂයට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙයට පෙර පැවැති ප්‍රාදේශීය මැතිවරණයේදීද මර්කල්ගේ රජය සංක්‍රමණික විරෝධී පක්ෂයකට පරාජය වූ අතර ඉන්පසු සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් කරන ලෙස රජයේ ප්‍රධානීන් ඇන්ජලා මර්කල්ගෙන් ඉල්ලා තිබිණි.

සුදුසුකම් සම්පූර්ණ නොකළ සංක්‍රමණිකයින් විමසීමකින් තොරව භාරගැනීම ගැන රජයට නිතර චෝදනා එල්ලවෙයි.

පසුගිය වසරේදී ජර්මනිය සරණාගතයින් මිලියන 1.1 ක් භාරගත් අතර මින් වැඩිදෙනෙක් පැමිණියේ වසරකට පෙර රජය දේශසීමා ආරක්ෂාව ලිහිල් කිරීම හේතුවෙනි.

ඇන්ජලා පැරදවූ ඒ.එෆ්.ඩී. නම් නව පක්ෂයේ නායක ලෙයිෆ් එරික් හොම් කියන්නේ මෙය ඇන්ජලා මර්කල්ගේ පාලනයේ අවසානය සනිටුහන් කරන බවය.

ප්‍රාදේශීය මැතිවරණයෙන් පසු ඒ.එෆ්.ඩී. පක්ෂයට ජර්මනියේ ප්‍රාන්ත දහඅටෙන් නවයකම නියෝජිතයින් සිටිති.