FAST NEWS

24×7 Around the Globe

කොස්ලන්ද මීරියබැද්ද විපතට පත්වුන්ට 22 වනදා නිවාස…

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් නිවාස අහිමි වූ පුද්ගලයින්ට නිවාස ලබාදීම ලබන මස 22 වන දින සිදුකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

නායයෑම් හේතුවෙන් හානියට පත් නිවාස සියල්ල මේ වන විට ඉදිකර අවසන් බවත් අදාළ නිවාසවලට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාදීම ඉදිරි සති තුන ඇතුළත සිදුකිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය පැවසීය.