FAST NEWS

24×7 Around the Globe

රුසියා මහ මැතිවරණයෙන් ජනපති පුටීන්ගේ පක්ෂය ඉදිරියෙන්…

රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රතිඵල අතුරින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලබා ජනපති පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එල්ඩීපීආර් සහ කොමියුනිස්ට් පක්ෂය සියයට 14 -16ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින බවද වාර්තාවේ.

එ අනුව අගමැති දිමිත්‍රි මේදෙව් නායකත්වය ලබාදෙන එක්සත් රුසියා පක්ෂය 44.5%ක ඡන්ද ලබා මහ මැතිවරණයේ ප්‍රතිඵල අඩක් පිටවී අවසන් වනවිට විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් සිටී.

ඡන්ද කොමසාරිස් එල්ලා ටැම්ෆිලෝවා පවසනුයේ ඡන්දය ඉතාම සාමකාමී නීත්‍යනුකූල මට්ටමින් පැවැත්වෙන බවයි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනුයේ ඡන්ද පැමිණිලි 1300ක් ලැබී ඇති බවයි.

ඉදිරි අවුරුදු පහේ  ‘කළමනාකරණ ප්‍රජාතන්ත්‍රවාදය‘ වෙනුවෙන් මන්ත්‍රීන් 450ක් ඩූමාවට තෝරා ගැනීමට නියමිතය.