FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගේ රථ එකට ගැටෙයි…

කොළඹ, කැප්පෙටිපොළ මාවතේ පිහිටි පොලිස් නිලධාරී නිවස්නයන් අසලදී අද (19) උදෑසන ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් මෝටර් රථ දෙකක් එකට ගැටී ඇති බව පොලීසිය කියයි.

මෙසේ එකට ගැටී ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ නීතිය විනය හා කල්ක්‍රියා භාර නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්වරුන්ට අයත් මෝටර් රථ දෙකක් බව පැවසේ.

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනාම මෝටර් රථ තුළ නොමැති අවස්ථාවකදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මෝටර් රථ දෙකටම අලාභහානි සිදුවී ඇති බවත් වාර්තා වේ.