FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ඔහුගේ පුතු හා බිරිඳට අධිචෝදනා ගොනු වෙයි…

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දුන්නේයැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන හා  බිරිඳ ශ්‍යාමලී ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනකුට අද (19) කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය.

වාස් ගුණවර්ධන සහ රවිඳු දැනට බන්ධනාගාර ගතව ඇති බැවින් ඔවුන්ට ඇප හිමි නොවුණී.

සෙසු සැකකරුවනට රුපියල් පනස් දහසක මුදල් හා පන්ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණය නඩු විභාගය පෙබරවාරි හය හත සහ අට වැනිදා පැවැත්වීමට නියම කළේය.