FAST NEWS

24×7 Around the Globe

තමීල්නාඩුවට ජලය දෙන්න බැ කියා කර්ණාටකය උණුසුම් වෙයි…

අසල්වැසි තමිල්නාඩු ප්‍රාන්තය සමඟ ජලය බෙදා ගන්නා ලෙස කර්ණාටක ප්‍රාන්ත රජයට ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණනය ලබා දුන් නියෝගයෙන් උරණ වූ කර්ණාටක ජනතාව ප්‍රාන්ත අගනුවර වන බැංගලෝරයේ කඩ සාප්පු වලට පහර දෙමින් වාහන ගිනි තබමින්දැඩි විරෝධය පල කරමින් සිටිති‍.

බැංගලෝරයේ පාසැල් ද වසා දමා ඇත. එසේම ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් තාක්ෂණික මධ්‍යස්තානයේ කාර්යාල රැසක් වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාද ඇණ හිට ඇති බව වාර්තා වේ.

‍ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගය අනුව කාවේරි ගඟෙන් තත්පරයකට ජලය කියුබික් අඩි 12,000 ක් සැප්තැම්බර් 20 වැනි දා දක්වා කර්ණාටකය විසින් තමිල්නාඩුවට නිදහස් කළ යුතුය. වාර්තා වන අන්දමට තමිල්නාඩු ලියාපදිංචි අංක තහඩු සහිත වාහන වලට විරෝධතාකරුවන් විසින් ගල් වලින් පහර දෙනු ලබන අතර ටයර් පුළුස්සා දමමින් මාර්ග අවහිර කර ඇත. මේ අතර අනවශ්‍ය ලෙස මහජනතාව එක් රැස් වීම වළක්වා ලමින් පොලීසිය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

බැංගලෝරයේ සිටින දෙමළ ජාතිකයන් විරෝධතා කරුවන්ගේ ඉලක්කය විය හැකි බැවින් ප්‍රදේශය පුරා පොලිස් නිලධාරීන් 15,000 ක් පමණ ස්ථාන ගත කර ඇති බව ද වාර්තා වේ.