FAST NEWS

24×7 Around the Globe

සබරගමු සරසවි සිසුහු උපකුලපති කාර්යාලය වටලති….

සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළද සිසු ගැටලු නොවිසඳුනේ යැයි කියමින්  සිසුහු අද (14) උපකුලපති කාර්යාලය වටලමින් විශ්වවිද්‍යාල ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතාවයක නිරතවුහ.

තාක්ෂණ පීඨය මව් පරිශ්‍රය තුළ ස්ථාපිත කර 2015/2016 කණ්ඩායමේ බඳවා ගැනීම් සිදුකිරීම,යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම, අසාධාරණ පන්ති තහනම ඉවත්කර  සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම,  විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යනය හා සුබසාධන ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය  පාලන අධිකාරිය වෙත  දන්වා සිටිති.