FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට 2016 රියෝ පැරාලිම්පික් පළමු පදක්කම හිමීවේ…

2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

හෙල්ල විසි කිරීම පිරිමි එෆ් 46 කාණ්ඩයේ අවසන් තරගයේදී ඔහු ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි එෆ් 46 කාණ්ඩයේ අවසන් තරගය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙක් සුදුසුකම් ලබා සිටියහ.

ඒ අතුරින් ලෝකඩ පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 58.23කි.

මෙම ඉසව්වේ රන් පදක්කම නව ලෝක වාර්තාවක් සමගින් ඉන්දීය ක්‍රීඩක දේවෙන්ද්‍ර දිනාගත් අතර රිදී පදක්කම චීනයේ චුන් ලියැන්ග් හිමි කර ගත්තේ ය.