ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (13) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන 41ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 41ට ආසන්න ප්‍රමාණයක් වංචා කළ බවට හිටපු නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (13) කරුණූ වාර්තා කර තිබේ.
එම සිද්ධියට අදාළ රාජ්‍ය ඉංජිනෙරු සංස්ථාවට රෙන්ට් එ කාර් සමාගමෙන් ලබා ගත් වාහන ලබා දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉන්ධන සහ රියදුරන් යොදවා එම වාහන වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.
මෙම වාහන ඇමැති කාර්ය මණ්ඩලයේ සහ ඇමැතිවරයාගේ පුද්ගලික හිතවතුන් වාහන 36ක් පමණ් භාවිතා කර ඇතැයිද අධිකරණයට දන්වා සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසර 2010 සිට වසර 2015 ජනවාරි තෙක් වාහන 41 ක් අවභාවිතා කරන ඇති බවට සිදු කළ පරීක්ෂණ අනාවරණය කර ඇතැයි කියා සිටියේය.
හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය ඉංජිනේරු ස්සංථාවේ ඉහළ නිලධාරින් මෙන්ම වාහන කුලියට ලබා දුන් රෙන්ට් එ කාර් ආයතනයේ අයගෙන් ප්‍රශ්න කරන බව කී මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇතැයිද කියා සිටියේය.
විමල් වීරවංශ මහතා අද (14) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත්තේ, මෙම විමර්ශන වල ප්‍රගතිය අධීකරණයට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට දුන් නියෝගය අනුවය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.