FAST NEWS

24×7 Around the Globe

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යටතේ සිගරට්ටුවක මිල රුපියල් විස්සකින් ඉහළ දමන්නැයි කියයි…

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යටතේ සිගරට්ටුවක මිල රුපියල් විස්සකින් ඉහළ දැමුවහොත් රටට රුපියල් බිලියන 80ක අමතර ආදායමක් ලැබෙන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සුළු හා මධ්‍යම පරිමාණ වෙළඳුන්ගෙන් අසාධාරණ ලෙස වැට් අයකිරීමට කටයුතු කරනවාට වඩා දුම් වැටි බදු වැඩි කිරීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

පිරිසක්  සිගරට් බදු ඉහළ දැමීමට එරෙහිව කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසන බවත්, සිය බලතල පාවිච්චි කර ගැසට් නිවේදනයක් මගින් සිගරට් බදු නැංවීමට ජනපතිට හැකි බවත්, එසේ නොකරන්නේ නම්  ඊට එරෙහි වන නිලධාරීන්ගේ නම් ගම්  ජනාධිපතිවරයා හෙළි කළ යුතු බවත් ගුණවර්ධන මහතා පැවසීය.