FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අන්සාර්ගේ ආරක්ෂාව ඉහළට…

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට මැලේසියානු පොලීසිය කටයුතු කර තිබේ.

මැලේසියානු පොලිස්පති අබු බාකර් පවසන්නේ ඔහුගේ නිවසේ, සේවා ස්ථානයේ මෙන්ම ඔහුට සපයා ඇති පෞද්ගලික අරක්ෂාවද ඉහළ නැංවූ බවයි.

පසුගියදා 04 දා මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේදී මහ කොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පසුව මෙසේ ඔහුගේ ආරක්ෂාව තරකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව මැලේසියා මාධ්‍ය වාර්තා කරයි.