විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර එය පෞද්ගලිකකරණය කීරීමට එරෙහිව මෙම මස 15 වැනිදා සිට දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කර සිටියි.
එ අනුව ලබන 15 වනදා සිට ජනතාව දැනුතවත් කීරීමට අත්පත්‍රිකා බෙදිමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජීත් ජයලාල් මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය සෘජුව පෞද්ගලිකකරණයට ආණ්ඩුව සැලසුම් කර තිබුණද ඊට එරෙහිව නැගුණු විරෝධතා හමුවේ කොටස් 06 කට වෙන් කර රාජ්‍ය ආයතනය යටතේ කෙටි කලක් පවත්වාගෙන ගොස් අනතුරුව එය පෞද්ගලිකකරණය කීරීමට සැලසුම් කර ඇති බව හෙතෙම පවසයි.
එසේම මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් විදුළි බිල ඉහළ යාම වැලැක්වීය නොහැකි බවත් එ අනුව ලක්ෂ 50 කට අධික විදුලි පාරිභෝගිකයන්ට සෘජු බලපැම් එල්ලවන බව එ මහතා පෙන්වා දෙයි.








