FAST NEWS

24×7 Around the Globe

ජිනීවා මානව හිමිකම් සමුළුවේ සැප්තැම්බර් සැසිවාරය අද ඇරඹේ…

ජිනීවා මානව හිමිකම් සමුළුවේ සැප්තැම්බර් සැසිවාරය අද (13දා) ආරම්භ වේ.

එහෙත් මෙවර සැසිවාරයට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය ගැන සාකච්ඡා නොකෙරේ.

මෙම දේශීය යාන්ත්‍රණය 2017 පෙබරවාරි මස ස්‌ථාපිත කරන බව රජය මානව හිමිකම් කවුන්සිලයට දන්වා තිබේ.

එහෙත් මෙවර සැසිවාරයේදී අතුරුදන් වූවන් පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කෙරෙන බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ (12දා) පැවැසීය.

මේ අතර මෙම සැසිවාරයට සහභාගි වී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඊළාම් ඩයස්‌පෝරා කණ්‌ඩායම් හතරක්‌ ඊයේ ජිනීවා නුවරට පැමිණ ඇත.