FAST NEWS

24×7 Around the Globe

2017 වසර සදහා වන ජාතික අය වැය ලේඛනයට යෝජනා භාර ගැනේ…

2017  වසර සදහා වන ජාතික අය වැය ලේඛනයට අදාළව ඔක්තෝබර් මස 01 වන දින දක්වා යෝජනා භාර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා මහජනතාවගෙන්, සිවිල් සංවිධාන සහ වාණිජ ආයතනවලින් මෙන්ම ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන්  යෝජනා කැඳවීම  මේ වන විට ආරම්භ කර තිබේ.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 යන ලිපිනයට හෝ budget2017@mo.treasury.gov.lk  යන විද්‍යුත් ලිපිනයට අදාළ යෝජනා යොමු කළ හැකි වෙයි.

ලබන වසර සදහා වන අයවැය යෝජනා වලිය නොවැම්බර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.