FAST NEWS

24×7 Around the Globe

වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදා මුල් පුටුවට..

එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති,එයාර් මාර්ෂල් ධූරයට උසස් කොට ගුවන්හමුදාපති ධූරයට පත්කර තිබේ.

ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගේ නිල කාලය අදින් අවසන්විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කපිල ජයම්පති මහතා ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 1982 වසරේදීය.

එතැන් සිට ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරූ ඔහු මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

 වසර 36ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට ඔහු සමත්ව ඇත.