FAST NEWS

24×7 Around the Globe

සාගල පුජීත් විරසකයෙන්ද ?

පසුගිය 09 වැනිදා යාපනය පොලිස් ස්ථානයේ විවෘත වූ නව ගොඩනැගිලි සංකීර්ණයේ වූ සමරු ඵලකයට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නම නොයෙදීම සම්බන්ධයෙන් ගැටුමක් මතුවීමේ ඉඩකඩ ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සාගලගේ, නම කැපුවේ හිතාමතාද යන්න පිළිබඳව මේවන විට සැකයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

එම සමරු ඵලකයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ආරාධනය පරිදි එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණි බව සටහන්ව තිබේ.

150 වැනි පොලිස් දින සැමරුම් උත්සවයේදී ද සාගල රත්නායක මහතාට කථාවක් නොලැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පල විය.