FAST NEWS

24×7 Around the Globe

නකල්ස් රක්ෂතයේ ගින්න පාලනය කෙරේ..

නකල්ස් රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට බොහෝදුරට පාලනය කර ඇති බව වාර්තා වෙයි.

රක්ෂිතයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයේ හටගත් ගින්නෙන් අක්කර 1000කට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී ඇත.

නකල්ස් රක්ෂිතයේ උඩුදුම්බර, කහටගොල්ල ප්‍රදේශයේ පසුගිය 8 වැනිදා රාත්‍රී හටගත් ගින්න දින දෙකක පමණ කාලයක් පැවති අතර ඊයේ(10) පස්වරුවේ හසලක යහන්ගල කඳුවැටියෙන් ද ගින්නක් හටගෙන තිබුණි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ගැණුනු අතර උඩුදුම්බර පොලීසිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ද ඒ සඳහා ලැබී තිබේ.