FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ සභා රැස්වීම් කටයුතු සතියකින් කල් දැමේ…

බන ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ සභා රැස්වීම් කටයුතු සතියකින් කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ විද්‍යුත් තාක්ෂණික පද්ධතිය නවීකරණය කිරීම සඳහායි.

සභාවේ ශබ්ද විකාශන පද්ධතිය, විද්‍යුත් ඡන්ද ක්‍රමය, විද්‍යුත් මයික්‍රෆෝන පද්ධතිය සකස් කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු රැස්වීම් කල් තැබෙනු ඇත.

ඔක්තෝබර් මස පළමු සතියේ රැස්වීම් පැවැත්වීමෙන් පසුව දෙවන සතියේ 18දා සිට 21 දා දක්වා පැවැත්වීමට යොදා ගෙන සිටි රැස්වීම් කටයුතු 25දා සිට 28දා දක්වා කල් තැබිමට නියමිතය.

නවීණ තාක්ෂණයෙන් යුතු මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා දවස් 17ක කාලයක් ගතවන බැවින් මෙලෙස පාර්ලිමේන්තු කටයුතු සතියකින් කල්දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

අයවැයට පෙර නව පද්ධතිය සකස් කළ යුතු බැවින් මෙලෙස රැස්වීම් නියමිත කාලයෙන් පරිබාහිරව පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ.