FAST NEWS

24×7 Around the Globe

20 ගැන අද පාර්ලිමේන්තුවේදි අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුද සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී අද (23) සහ හෙට (24) දෙදින විවාදයක් සිදු කිරීමට ඊයේ (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඇති වූ එකඟතාව අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 ට වැඩි නොකළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කිරීම, සුළු ජාතික දේශපාලන පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ එහි අඩුපාඩු පෙන්වා දී ඊට විරෝධය පළ කිරීම ආදී කරුණු රැසක්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේදී අවධානයට යොමු කරනු ඇතැයි ද දැන ගන්නට ඇත.