FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්‌ෂ මහතාගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්‌ෂණයක්‌ …!

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බවට වන යෝජනාවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පක්‌ෂය හා පක්‌ෂ නායකත්වයට දිගින් දිගටම විවේචනය කිරීම හා දූෂණ චෝදනා එල්ලවීම යන කරුණු පදනම් කරගෙන මෙම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

පසුගිය කාලය තුළ නාමල් රාජපක්‌ෂ මහතා පක්‌ෂයට හානිවන ආකාරයට දිගින් දිගටම කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා ඉතා බරපතළ ඒවා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.