FAST NEWS

24×7 Around the Globe

විපතට පත්වු සාලාවේ කුඹුරු වැඩට යුද හමුදාව යයි…

කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්‍රැක්ටර 10කින් සී සෑම ඊයේ(08) ආරම්භ කෙරිණි.

මහ කන්නයේ ගොවීන්ගේ කුඹුරු සකස් කරදෙන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් මෙම බිම් සකස්කර දීමට හමුදා සෙබළු 50 දෙනෙක් යොදවා ඇත.