FAST NEWS

24×7 Around the Globe

උතුරු සහ නැගෙනහිර ඉඩම් අක්කර 3030 නිදහස් කීරිමට පියවර..

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර 3030 ක් පමණ ඉදිරි වසර තුළ නිදහස් කිරිමට අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අදියර දෙකක් යටතේ ඉඩම් නිදහස් කිරිමට අපෙක්ෂා කරන බව ය.

උතුරු පළාතේ මහජන ඉඩම් අක්කර 21,659 ක් සහ පෞද්ගලික අංශය සතු ඉඩම් අක්කර 7022 ක් පවතී.

ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, නැගෙනහිර පළාතේ අක්කර 21,519 ක් මහජනතාව සතුව පවතින බව ය.

නැගෙනහිර පළාතේ පුද්ගලික අංශය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 504කි.