FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව ජාතික දිනය දා පස්වැනි න්‍යෂ්ටික බෝම්බය නිදහස් කරයි…

උතුරු කොරියාව සිය පස්වැනි න්‍යෂ්ටික බෝම්බය අද (09) උදෑසන අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මීට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකළ පුනගෙ-රී ප්‍රදේශයෙන් 5.3ක විශාලත්වයෙන් යුත් කම්පන තත්වයක් වාර්තා වූ බව ඇමරිකා  භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන බව විදෙස් වාර්තා දක්වයි.

එය පිපිරීමකින් ඇතිවූ කෘත්‍රීම කම්පනයක් බව තහවුරු වුවත් එහි ස්වභාවය සම්බන්ධව තොරතුරු ලැබී නොමැති බව එම ආයතනය පවසා ඇත.

අද (09) ජාතික දිනය සමරන උතුරු කොරියාව මෙම පිපිරීම සම්බන්ධව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

සියලුම ආකාරයේ න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල අත්හදා බැලීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට තහනමක්ද පනවා තිබේ.