කොළඹ කැම්බල් පිටියේ හෙට (10දා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සම්මේලනයට තමන්ද සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
මහනුවර, ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් ශාලාවේ ඊයේ (08දා) පැවැති වාර්ෂික කෘෂිකර්ම සම්මේලනයට සහභාගි වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් එසේ කීය.
කුරුණෑගල පැවැති ශ්‍රී ලනිප සම්මේලනයට සහභාගිවන ලෙස එජාප ප්‍රධාන ලේකම් කබීර් හෂීම් මහතාට කළ ආරාධනය පිළිගනිමින් ඒ මහතා ශ්‍රී ලනිප සමුළුවට සහභාගි වූ බවත් ඒ අයුරින්ම එජාප සමුළුවට සහභාගි වන ලෙස කබීර් හෂීම් මහතා තමාට හා අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද ආරාධනා කළ බැවින් තමා එම ආරාධනාව පිළිගනිමින් එජාප සම්මේලනයට සහභාගි වන බවත් ඒ මහතා කීය.
මෙතෙක් ශ්‍රී ලනිප සම්මේලනයකට පැමිණි ඉහළම පක්ෂ සාමාජිකත්වය කුරුණෑගල සමුළුවේදී දැකගත හැකි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා සමුළුව මගහැර යද්දී ඒකාබද්ධ විපක්ෂයේ අය සමුළුවට සහභාගි නොවන ලෙස පක්ෂ සාමාජිකයන්ට ආයාචනා කරද්දී පුද්ගල වන්දනාවේ නොගිය නියම ශ්‍රී ලනිප සාමාජිකයන් අතිවිශාල පිරිසක් සම්මේලනයට සහභාගි වීමෙන් අන්ද මන්ද වූ දේශපාලන අනාථයන් අද විවිධ චෝදනා නඟන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලනිප සම්මේලනයට කිසිදු එජාප සාමාජිකයෙක් සහභාගි නොවූ බවත් ඒ අයුරින්ම එජාප සම්මේලනයට කිසිදු ශ්‍රී ලනිප සාමාජිකයකු සහභාගි නොවනබවත් කිසිවක් කර කියා ගත නොහැකිව අනාථව සිටින ඇතැම් දේශපාලන අඳ බාලයන් කියන කතා අවඥාවෙන් යුක්තව බැහැර කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.