FAST NEWS

24×7 Around the Globe

මගේ හිසට වෙඩි වැදුණා කියලා දැනගත්තේ අනිත් අයගෙන්…

මම මේ කිසිම දෙයක් දන්නෙ නෑ. මගේ හිසට වෙඩි වැදුණා කියලා දැන ගන්න ලැබුණේ අනිත් අයගෙන්. මා මේ කිසිම දේකට සම්බන්ධ නෑ. මා නිදොස් කොට නිදහස් කරන්න. යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මහාධිකරණ විත්තිකූඩුවේ සිට ඊයේ (08) ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

තමාට මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර පැවසීමට යමක් ඇත්දැයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා එලෙස ප්‍රකාශ කළේය.

එසේම සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ව වැරදිකරුවන් කිරීමට බාහිර බලපෑම් එල්ල වූ බව තමා විශ්වාස කරන නමුත් තමන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණයේ ස්‌වාධීනත්වය කෙරෙහි විශ්වාසය තැබූ බව ද විත්තියේ ජනාධිපති නීතිඥවරයා නඩු තීන්දුවෙන් අනතුරුව මාධය හමුවේ අවධාරණය කර සිටියේය.

විනිසුරු මඬුල්ල විසින් ලබා දුන් මරණීය දණ්‌ඩන නියෝගය ඇතුළු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට හැකි ඉක්‌මනින් අභියාචනා ගොනු කරන බවද ඔහු පවසා සිටියේය.