FAST NEWS

24×7 Around the Globe

ඖෂධ මීල අඩු කිරීමේ මීල සුත්‍රය කරළියට…

ඖෂධ මිල අඩු කිරීමේ මිල සූත්‍රය ලබන සතියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග පැවති රැස්වීමකදීය.

ඒ අනුව ඖෂධ මිල සූත්‍රය හඳුන්වාදී සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු ගැසට් පත්‍රය මගින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම, ගුණාත්මක සහ අඩු මිලට ඖෂධ සැපයීම සඳහා ඖෂධ පනතට අනුව ඖෂධ මිල අඩු කරන බව අමාත්‍යවරයා මෙහිදී  වැඩිදුරටත්  පැවසීය.