FAST NEWS

24×7 Around the Globe

‘පැනමා පේපර්ස්’ මීළදි ගැනිමට ඩෙන්මාර්කය සුදානම් වෙයි…

පසුගියදා ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් නිකුත් වූ ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්වට අදාල දත්ත මිලදී ගැනීමට ඩෙන්මාර්කය සූදානම් බව එරට බදු අමාත්‍යවරයා නිවේදනයක් කර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩෙන්මාර්ක් වැසියන් 600ක් පමණ සම්බන්ධ දත්ත මෙලෙස මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ සඳහා වැය වන මුදල නිල වශයෙන් නිවේදනය කර නොතිබුනද, මේ සඳහා ඩෙන්මාර්ක ක්‍රෝනර් මිලියන 09ක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක්) වැය වනු ඇතැයි පැවසේ.

මීට කලින් බැංකු පාරිභෝගිකයන් සම්බන්ධ දත්ත සඳහා ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය මුදල් ගෙවා තිබුණද, ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්වට සම්බන්ධ දත්ත රජයක් විසින් මිලට ගන්නා පළමු අවස්ථාව මෙය බව පැවසේ.