FAST NEWS

24×7 Around the Globe

ජනපති අපේක්ෂක ට්‍රම්ප්ද අයි එස් ත්‍රස්ත්‍රයෙක් බව හුසේන් කියයි..

ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට සමාන බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කර ඇත.

එසේම නෙදර්ලන්ත දේශපාලනඥයකුවූ ගිට්‌ වයිල්ඩර්ස්‌, ප්‍රංශ පාරයිට්‌ පක්‍ෂයේ නායිකා මැරිනේ ලාපෙන්ද සිදුකරන්නේ අයිසිස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරකම්වලට සමාන ක්‍රියා බවද හෙතෙම සඳහන් කර තිබේ.

මෙම පිරිස ජාතිවාදීන් බවද මානව හිමිකම් කොමසාරිස්‌වරයා තවදුරටත් දන්වා ඇත.

මුස්‌ලිම්වරුන් සම්බන්ධව ඔවුන් කර ඇති ප්‍රකාශ නිසා මානව හිමිකම් කොමාසාරිස්‌ගේ උදහසට ලක්‌වී තිබේ.