FAST NEWS

24×7 Around the Globe

රුසියා ජනපතිගේ නිළ රථය අනතුරකට – රියැදුරු මරුට…

රුසියා ජනපති වැල්ද්මීර් පූටින්ගේ පෞද්ගලික රියදුරු අනතුරකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

මොස්කව් නුවර ප්‍රධාන මාර්ගයකදී ජනපතිගේ මෝටර් රිය තවත් මෝටර් රියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවත් එම අනතුර සිදුවන ආකාරය අවට තිබූ කැමරාවල සටහන්ව ඇති බවත් කියති.

අනතුර සිදුවන අවස්ථාවේ ජනපති පූටින් එහි සිට නැති බවත් අධික වේගයෙන් ගිය රිය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රියක හැපීම හේතුවෙන් එම රථයේ රියදුරුද තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.

ජනපතිගේ නිල මෝටර් රිය වන කළු පැහැති බීඑම්ඩබ්ලිව් රථය එසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇති රියදුරු ජනපති පූටින්ගේ ප්‍රියතම රියදුරා බවද රුසියා මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් මිය ගිය රියදුරාගේ නම මෙතෙක් මාධ්‍යයට වාර්තා වී නැති අතර ඔහු වසර 40ක් තිස්සේ නිල රියදුරකු ලෙස සේවය කරන බව කියති.

web00000578-0-image-a-33_1473167394837