FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන හතරක් පෞද්ගලික අංශය සමග එකාබද්ධ කෙරේ…

රාජ්‍ය ආයතන හතරක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය, ලංකා රෝහල් සමාගම, හිල්ටන් හෝටලය සහ හයිට් රිජන්සි යන ආයතන හතර මෙසේ පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර ඇත.

එම ආයතන හතරින් පළමුව ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ පෞද්ගලික අංශය සමග කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.

එහි සාර්ථක, අසාර්ථකභාවය අනුව සෙසු ආයතන ද පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කරන බවද අගමැතිවරයා කීවේය.

එසේ කළ ද මෙම ආයතනවල සේවය කරන කිසිදු සේවකයකුගේ අයිතීන් අනාරක්ෂිත නොකරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එම ක්‍රියාමාර්ගය ගත් පසු රජය වාණිජ ව්‍යවසාය පනත මගින් අදාළ ආයතනද පාර්ලිමේන්තුවට වග කියන ආකාරයට කටයුතු කිරීමට බලා‍පොරොත්තු  වන බවද අගමැතිවරයා පැවසීය.

ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.