FAST NEWS

24×7 Around the Globe

පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි තාවකාලික සංශෝධනයක්..

පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 11 වන දින පමණක් තාවකාලිකව සංශෝධනය කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කටුනායක සහ කුරණ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව කොළඹ කොටුවේ සිට පෙරවරු 4ට පුත්තලම බලා ධාවනය වන දුම්රිය, නූර්නගර්හි සිට පෙරවරු 9 යි 50ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සහ හලාවත සිට පෙරවරු 3 යි 50ට මරදාන බලා ධාවනය වන දුම්රිය 03 අවලංගු කිරීමට සිදුවන බව සඳහන්ය.

මීට අමතරව හලාවත සිට මරදාන බලා පෙරවරු 4 යි 50 ට පිටත්වන දුම්රිය 11 වනදා පමණක් හලාවත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5 යි 35 ට පිටත්වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.