FAST NEWS

24×7 Around the Globe

මාදුළුවාවේ හිමීයන්ගේ අපවත්වීම ගැන නැවත පරික්ෂණ අවශ්‍ය නෑ..

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීමට අදාළව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් මෙම කමිටුවක් පත් කර තිබුණි.

අදාළ කමිටු වාර්තාව අද(07) අධිකරණයට ඉදිරිපත් කරමින් එම කමිටුව මෙම අදහස් පළ කර ඇත.