FAST NEWS

24×7 Around the Globe

තාජුඩින් ඝාතනය – සේනානායක ගැන ජාතක රෝහලෙන් වාර්තාවක් ඉල්ලයි…

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති සුමිත් චමින්ද පෙරේරා ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනුර සේනානායක පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක් ද කළේය.