එල්ටීටීඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිදි හෙවත් දයාමාස්ටර් හට වවුනියාව මහාධිකරණයේ පවරා ඇති නඩුව නීති විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (06) වවුනියාව මහාධිකරණයේදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් දයා මාස්ටර් හට ගොනු කොට ඇති නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
නඩු වාරය ආරම්භයේදී රජයේ නීතිඥවරයා කල් ඉල්ලීම හේතුවෙන් නඩුව සැප්තැම්බර් 28වැනිදාදා දක්වා කල් දැමීමට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශි මහේන්ද්‍රන් නියෝග කොට සිටි බවද එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේය.
‘‘දයා මාස්ටර්ට පනවා ඇති නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත් නොවී හදිසි නීති යටතේ නිකුත් කරන ලද කොන්දේසි මත මේ නඩුව ගොනු කරල තියෙන්නේ. මේ කොන්දේසි නිකුත් කළ වෙලාවෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිකුත් කරල තියෙන්නේ කියල බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරා. එහෙම කොන්දේසියක් මත පළවෙනි පාරට දැන් නඩුවක් ගොනු කරල තියනවා.
ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ ඉන්න සැකකරුවන් නැවත පරික්ෂණයක් පවත්වල නිදහස් කරන්න පුළුවන් අය නිදහස් කරනව කියල අපිට ආණ්ඩුව පොරොන්දු වෙලා නීතිපතිතුමත් කටයුතු කරන අවස්ථාවක මෙහෙම නඩුවක් ගොනු කරන්න හේතු අපි දන්නෙ නැහැ. ඒ නිසා තමයි අද මම අධිකරණයට ආවේ මේ චෝදනා නීති විරෝධියි කියල කියල අධිකරණයේදී විරෝධතාවක් පල කරන්න.
නමුත් නඩුවාරය කල් යාම නිසා මම මහාධිකරණයට දැනුම් දුන්නා විවෘත අධිකරණයේදී මූලික විරෝධතාවයක් අදාල චෝදනාවන්ට ගොඩනගනවා කියලා” යැයි හෙතෙම පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.