FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරේ..

ශ්‍රී ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් චෙත්‍රපාල්සිං මහත්මිය විසින් අද (06) දින සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

වසර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදු කළ පර්යේෂණවලින් අනතුරුව මෙම සහතිකය ලබාදීමට තීරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් එක්ව සිටී.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.