FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සිද්ධියේදි මාධ්‍යවේදින්ගේ සටහන් පොත් ගත් හේතුව ආනාවරණය කෙරේ..

ඇඹිලිපිටියේ  සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්ධියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ලබා ගෙන ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණයවීයැයි ජාතික පොලිස් කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.

එසේම එම සිදුවීමේදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදු කළ පොලිස් කොමී සම එහි නිගමනය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇතොත් දින 14ක් ඇතුළත දන්වන ලෙස ද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී ඇත.