FAST NEWS

24×7 Around the Globe

ජගත් සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට විශේෂ සම්මානයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකරනු ලබන සුවිශේෂි වැඩපිළිවෙළ අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍යය පිළිබද විශිෂ්ටතා සම්මානය කලාපීය අධ්‍යක්ෂිකා ආචාර්ය Poonom Khetrapal Singh මහත්මිය විසින් අද (05) පස්වරුවේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ සංක්‍රමණිකයන්ගේ නීරෝගී සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුඑ මධ්‍යසාර දුම්කොළ හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා ගෙන ඇති පියවර තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන ඇති සාධනීය තත්වයන් මෙම සම්මානය පිදීම සදහා නිමිති කොටගෙන තිබේ.