FAST NEWS

24×7 Around the Globe

ඉංගිරියේ ස්වාමින් වහන්සේ නමක් සියදිවි හානි කර ගනියි.

ඉංගිරිය නගරයට නුදුරින් පුද්ගලික ඉඩමක් පිටුපස පිහිටි රඹුටන් ගසක එල්ලෙමින් තිබුණු ස්වාමින් වහන්සේ නමකගේ දේහයක් අද උදෑසන සොයා‍ගෙන තිබේ.

තමන් හැඳ සිටි සිවුරෙන්ම ගෙල වැළලාගෙන සිටි 29 හැවිරිදි වියේ පසුවන මෙම ස්වාමින් වහන්සේ උඩඅරාවලමීරහවත්තගබණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ බලංගොඩ ධම්මසිද්ධි හිමි ලෙස හැඳුනුම්පතක් මාර්ගයෙන් පොලිසිය හඳුනාගෙන ඇත.

මෙය ඝාතනයක්ද නොඑසේ නම් සියදිවි හානිකර ගැනීමක්දැයි මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.