FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් නඩුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිගණක විස්තර ඉල්ලයි..

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර දත්ත ජාල පද්ධතියේ සීපීයූ පරිගණක උපාංගය පෙන්ටියම්ස් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයාට යවා 2012 මැයි 16 දින සවස 6 සිට පසුදා උදේ 6 දක්වා ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් ගැන වාර්තාවක් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවකදී එම නියෝගය ලබාදී ඇත.