FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රට යෑමට ඉල්ලයි…

රුපියල් මිලියන 400ට අධික වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාසයක කාලයක් විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.

මේ මස 09 වනදා එම ඉල්ලීම සලකා බලන බව  අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා  ප්‍රකාශ කර තිබේ.