මහජනතාවගේ නිශ්චල දේපල සම්බන්ධ ණය මුදල් නැවත ගෙවීම සදහා අගතියට පත් ජනතාවට කඩිනම් සහන ලබාදීමේ අරමුණින් අධිකරණ අමාත්‍යංශය විසින් 1941 අංක 39 දරණ ණය සහනදායක මණ්ඩල පනත යටතේ පිහිටුවා තිබෙන ණය සහන මණ්ඩලීය දෙපාර්තමේන්තුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් ප්‍රතිසංවිධානය කිරීමට අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව අධිකරණ අමත්‍යංශය අවධාරණය කරයි.
ජනතාවගේ ඉඩකඩම්,කුඹුරු,වතුපිටි,නිවාස වැනි නිශ්චල දේපල පොරොන්දු සිනක්කර ඔප්පු මත හෝ උකස්කර ඔප්පුවක් මත ඇපයට තබාගත් ණය සහ පොරොන්දු නෝට්ටු චෙක්පත් වැනි ලියවිලි මත ලබාගත් ණය සම්බන්ධයෙන් ණය ගැතිභාවයට පත්ව සිටින ජනතාවටඑම ණය පීඩනයෙන් මිදීමට කිසියම් සහනදායි ක්‍රියාමාර්ගයන්හදුන්වාදීම ණය සහනදායක මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි
අධිකරණ අමාත්‍යංශය පවසයි.
1941 අංක 39 දරණ ණය සහනදායක මණ්ඩල අඥා පනත හදුන්වා දී ඇත්තේ කෘෂිකාර්මික ඉඩම් නිවාස දේපල ආදිය උකස් කර පොරොන්දු සින්නක්කර හෝ විකුණුම් මත ඇපයට තබා පොලියට ලබා ගත් ණය මුදල් ආපසු ගෙවීමේදී පීඩාවට පත් ජනතාවට එම ණය මුදල් ආපසු ගෙවීම සදහා ණය සහන මණ්ඩලයේ මැදිහත් වීමෙන් සාධාරණයක් ඉටු කිරීම සදහා අදාළ පාර්ශවයන්ට නියෝග නිකුත් කිරීමට මෙම මණ්ඩලයට පැවරෙන අතර මෙහි සේවා කටයුතු කොළඹට පමණක් සීමා වීමෙන් මෙම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය සීමා වී ඇති බැවින් විශේෂයෙන් කෘෂිකාර්මික හා ඉඩම් දේපල සම්බන්ධ ගැටලු පවතින දිස්ත්‍රික්ක හදුනාගෙන එම ප්‍රාදේශවල ජනතාවට වැඩි සේවාවක්ලබා දීමේ අරමුණින් ණය සහනදායක මණ්ඩලයේ සේවා කටයුතුවිමධ්‍යගත කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදික්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
මෙම නව වැඩපිළිවෙල යටතේ ගාල්ල,ගම්පහ,කුරුණැගල,අනුරාධපුර,පොළොන්නරුව, හම්බන්තොට,මහනුවර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි ණය සහන මණ්ඩල දෙපාර්තමේන්තු සේවා කටයුතු පුළුල් කිරීමට අධිකරණ අමාත්‍යංශය අවධාණය යොමු වී ඇති අතර මෙහි මූලික පියවරක් වශයෙන් ගාල්ල,ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ණය සහන මණ්ඩලීය ශඛා පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරනු ලැබේ.
ණයසහන මණ්ඩල දෙපාර්තමේන්තුව වෙත යොමු කරන අයදුම් පත් විමර්ශනය කිරීමේදී සාක්ෂි ලෙස අදාළ දේපලෙහි වටිනාකමෙහි සහතික යොමු කළ යුතු බැවින් එ‍්වා පුද්ගලික තක්සේරුකරුවන් වෙතින් වාර්තාලබා ගැනීමේදි ජනතාවට මුහුණපෑමට සිදු වන ගැටලු අවම කිරීම සදහා අදාළ දේපල සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු ලබා ගැනීම අනිවාර්ය කිරීමටද නව ප්‍රතිසංවිධානවැඩපිළිවෙල යටතේ ණය සහන මණ්ඩල පනත සංශෝධනය කිරීමටද අධිකරණ අමාත්‍යංශයේ අවධාණය යොමුව තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික ඉඩම්,නිවාස හා දේපල සම්බන්ධව උකස් හෝ පොරොන්දු සින්නක්කර ක්‍රමවේදයන් මගින් ණයගැතිභාවයට පත්ව සිටින ජනතාවට එම ණය බරින් බැහැර වීම සදහා අධිකරණ අමාත්‍යංශය ණය සහන මණ්ඩල දෙපාර්තමේන්තුවට සපයන මහජන සේවා පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද,සංවිධානය කිරීමට අවධාණය යොමු වී ඇති අතර මේ සදහා වැඩ පිළිවෙලක් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන බව අධිකරණ අමාත්‍යංශයපවසයි.
2015 ණය සහන මණ්ඩල දෙපාර්තමේන්තුවෙන් සහන ලබා ගැනීම සදහා පැමිණිලි 788ක් ඉදිරිපත් වී ඇති අතර එයින් 172ක් නිෂ්ප්‍රභා කරඇති අතර එම වසරේ අයදුම්කරුවන් 179 දෙනෙකුගේ ණයසම්බන්ධයෙන් ඇති වී ඇති ගැටලු සමථයට පත් කිරීමට හැකි වූ බව පවසන අධිකරණ අමාත්‍යංශය එයින් අයදුම්පත් 11ක් සදහා සහතික නිකුත් කර ඇති අතර අයදුම්පත් 29ක් සමාලෝචනයට බදුන් කර තිබේ.මෙම දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි අධ්‍යයනය කිරීමේදි දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් මහජනතාව අතරට ගමන් කරවීම සදහා නව වැඩපිළිවෙල යටතේ මෙහි රාජකාරි කටයුතු ප්‍රතිසංවිධානය කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
1941 අංක 39 දරණ ණය සහන මණ්ඩල ආඥා පනත යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් ණය සහනදායක මණ්ඩලය සදහා සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 05 දෙනෙක් පත් කරන අතර දැනට මෙම කාර්යාලය අංක 35/ඒ, ආචාර්ය එන්.එම් පෙරේරා මාවත, කොළඹ 08 යන ස්ථානයෙහි පිහිටුවා තිබේ.