FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ව්‍යපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් 08 ක් රිමාන්ඩ්…

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවිය අධිකරණය අද (5) නියෝග කළේය.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔවුන්ගේ නම් ගම් පළ නොකරන ලෙසද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.