FAST NEWS

24×7 Around the Globe

පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තවත් මාසයක පමණ කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වැනි එක්දින තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සිය පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්විය.

තරගයෙන් පසුව පළමු දිනය රෝද පුටුවක ගතකළ මැතිව්ස් තවත් දින දෙකක් කිහිළි කරු ආධාරයෙන් ගමන් කළේය.

මේ වන විට  මැතිව්ස් කිහිළිකරු නොමැතිව ඇවිදයා හැකි තත්ත්වයට පැමිණ සිටීන බවද ක්‍රිකට් ආයතනය පවසයි.