FAST NEWS

24×7 Around the Globe

වසර 50 කට පසුව ඇමෙරිකානු මගී යානයක් කියුබාවට ගොඩබායි…

පසුගිය දෙසැම්බර් මස ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා කියුබාවේ කළ සංචාරයත් සමග දෙරට අතර තානාපති සබඳතා යළි ගොඩනැගීම සිදුවිය.

වසර 50 කට පසුව මෙම සබඳතා එක්කර ගැනීමෙන් දෙරට අතර වෙළෙඳ සබඳතා ද යළි පණගැන්වීම හේතුවෙන් පසුගිය සෙනසුරාදා ඇමෙරිකානු මගී ගුවන් යානයක් කියුබාවට ළඟා වී ඇත.

බ්ලු ජෙට් සමාගමට අයත් මෙම ගුවන් යානය ෆ්ලොරිඩාහි ෆෝට් ලෝඩර්ඩේල් ගුවන් තොටුපළින් ඇමෙරිකානු ප්‍රවාහන අමාත්‍යංශ ‍ලේකම් ඇන්තනි ෆෝක්ස් ඇතුළු මගින් 150 ක් සමග කියුබාව බලා පියාසර කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වාර්තා සඳහන් කරන අන්දමට අවසන් වරට ඇමෙරිකාවෙන් ගුවන් යානයක් කියුබාවට පියාසර කර ඇත්තේ වසර 50කට පෙර බව ජෙට් ගුවන් සමාගමේ වාර්තාවල සඳහන් වේ.

සෙනසුරාදා දින මෙම ජෙට් බ්ලු ගුවන් යානය කියුබාවට ළඟා වීමත් සමග එය මහත් උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන ඇත. ඇමෙරිකා ජනපති එරට ගුවන් සමාගම් දහයකට කියුබාවට ගුවන් ගමන් ඇරඹීම සඳහා අවසරය ලබාදී ඇත.