FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 4කට වාර්ෂිකව ඡන්ද අයිතිය අහිමි වෙලා..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඡන්ද බලය හිමිවන නමුත් එක් එක් වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනයේ ඔවුන්ගේ නම් ඇතුළත් වන්නේ අවුරුදු 19ක් හෝ 20ක් ගතවූ පසුව බවත්, මේ නිසා වාර්ෂිකව තරුණ තරුණියන් ලක්ෂ 4කට පමණ ව්‍යවස්ථාපිත ඡන්ද බලය අහිමි වන බවත් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ප්‍රධාන ලේකම් උපුල් සඳරුවන් මහතා අනාවරණය කරයි.

මේ ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීමට 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කර දෙන ලෙසට ඉල්ලා එක් යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයකින් තරුණ තරුණියන්ගේ අස්සන් 1200 බැගින් දිවයිනේ සියලුම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල එක්ව හාර ලක්ෂයක අත්සන් සහිතව ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදී ඇති සැප්තැම්බර් මස 13 දා ජනාධිපතිතුමා, අගමැතිතුමා, අධිකරණ ඇමැතිතුමා, මැතිවරණ කොමසාරිස්තුමාට හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත බාරදීමට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය කටයුතු කරන බව ද හෙතෙම කීය.