මෙරට තුළ ජිනීවා නිර්දේශ ක්රියාත්මක කරමින් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ යාන්ත්රණය සිදු කිරීම ඇතුළු කරුණු කාරණා ඇතුළත් වාර්තාවක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ජගත් මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සිදු කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (02) යාපනය පුස්තකාල ශ්රවණාගාරයේ දී පැවැත්වෙන අතර එම සාකච්ඡාව සඳහා උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ද සහභාගි වේ.
මෙහි දී යුද සමයේ දී මෙරට තුළ සිදු වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ යාන්ත්රණය, ජිනීවා නිර්දේශ ක්රියාත්මක වීම, අතුරුදන් වූවන්ගේ ප්රශ්නය, උතුරේ ඉඩම් නිදහස් කිරීම් හා නැවත පදිංචි කිරීම්, සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය.