FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ රිය අනතුරකින් 03 ක් මරුට – 07 ක් රෝහලේ…

අද (02) අලුයම කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, තොළඹගොල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

අනතුරින් මියගිය අය අතර වෑන් රථයේ රියදුරු සහ කුඩා දරුවෙකු ද සිටින බව වාර්තා වේ.

කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ හලාවත සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

මේ වනවිට තුවාල ලැබූවන් දඹුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.