FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය ඇතුළු 08 කට නොතීසි නිකුත් කෙරේ…

රජයට රුපියල්  කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව සඳහා ලබන 30 වැනිදා අධිරණයේ පෙනී සටින ලෙස  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකුට කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණට අද  (01දා) නොතීසි නිකුත් කළේය.

එසේම ආරක්ෂක අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරියක, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු  හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රමික කර්නල් නිශ්ශංක සේනාධිපති යන අයට මෙසේ නොතීසි නිකුත් කර තිබේ.

චෝදනා 19ක් යටතේ අල්ලස් කොමිසමෙන් ඔවුන් වෙත පවරා ඇති නඩුව අද (01) අධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත් අධිකරණය මෙසේ නියෝග කර ඇත.

2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට අයුතු සහගත හා නීතී විරෝධී අනුග‍්‍රහයක් දැකවීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක (රුපියල් කෝටි 1140ක) පාඩුවක් සිදුකරන ලදැයි මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත.