FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්..

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන  සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එස්.එස්. හෙට්ටිආරච්චි මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (01) පෙරවරු 9.30ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩභාර ගනු ලැබීය.

දශක තුනක කාලයක් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රවල තනතුරු ගණනාවක් හොබවා ඇති ඔහු රාජ්‍ය සේවයට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ ජ්‍යේෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වශයෙන් වඩාත් කතාබහට ලක් වූ අයෙකි.

කලක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර ඇති හෙට්ටආච්චි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී නව පත්වීම සිදුකර ඇත.